ප්‍රංශ පොලිසියෙන් තරුණයෙකු ඝාතනය කිරීමෙන් පසු එරට විරෝධතා -77ක් අත්අඩංගුවට

ප්‍රංශ පොලිසියෙන් තරුණයෙකු ඝාතනය කිරීමෙන් පසු එරට විරෝධතා -77ක් අත්අඩංගුවට

රථවාහන පොලිසියේ අණ නොතකා ධාවනය කළ රථයක සිටි 17 හැවිරිදි තරුණයෙකුට ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු එරට විරෝධතා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම විරෝධතා හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාවලදී අවම වශයෙන් පුද්ගලයින් 77 දෙනෙකු ප්‍රංශයේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා

පැරීසිය පුරා විරෝධතාකරුවන් ගිනිකෙළි පත්තු කරමින් පොලිස් ස්ථාන ඉලක්ක කර ඇති අතර විරෝධතාකරුවන් උතුරු ලිලී නගරයේදී ද පොලිසිය සමග ගැටී තිබෙනවා.

බටහිර රෙනස් නගරයේ, මියගිය තරුණයාට උපහාර දැක්වීමට පුද්ගලයින් 300 ක් පමණ රැස්ව සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This