චීන බැලූනය තොරතුරු රැස් නොකළ බවට පෙන්ටගනයෙන් ප්‍රකාශයක්

චීන බැලූනය තොරතුරු රැස් නොකළ බවට පෙන්ටගනයෙන් ප්‍රකාශයක්

පසුගිය පෙබරවාරි මාසයේදී ඇලස්කාවේ සිට එක්සත් ජනපදයේ මහාද්වීපික වෙරළ තීරය හරහා නැගෙනහිර වෙරළට ඉහළින් ගමන් කළ චීන බැලූනය කිසිදු තොරතුරක් රැස් නොකළ බව පෙන්ටගනය පවසා තිබෙනවා .

බැලූනය බිම හෙළීමෙන් පසු එකතු වූ සුන්බුන් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් විශ්ලේෂණය කරන බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

මෙම සිදුවීම එක්සත් ජනපදය සහ චීනය අතර ගැටළුකාරී තත්ත්වයක්ද ඇති කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් පැට් රයිඩර් ප්‍රකාශ කර තිබෙන්නේ බැලුනයට බුද්ධි තොරතුරු රැස් කිරීමේ හැකියාව ඇති බව දැන සිටි බවත් ඒ අනුව ක්‍රියාත්මක වූ බවත්ය

නමුත් එය එක්සත් ජනපදයට ඉහළින් පියාසර කරන විට බුද්ධි තොරතුරු රැස් නොකළ බව දැන් අපට තොරතුරුවලින් තහවුරු වී තිබෙනවා යනුවෙන්ද ඔහු පවසා තිබෙනවා

ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝග මත අත්ලාන්තික් වෙරළට ඔබ්බෙන් වූ ප්‍රහාරක ජෙට් යානයකින් වෙඩි තැබීමට පෙර මෙම බැලූනය පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදයට සහ කැනඩාවට ඉහළින් පියාසර කරමින් සතියක කාලයක් ගත කරනු ලැබුවා

Share This