පාකිස්ථානයට IMFවලින් සහනයක්

පාකිස්ථානයට IMFවලින් සහනයක්

දැඩි ආර්ථීක අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඩොලර් බිලියන 3ක අරමුදල් ලබා ගැනීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව IMF හි විධායක මණ්ඩලය විසින් අදාළ මුදල් ලබා දීම සම්බන්ධයෙන් වන ගිවිසුම ඉදිරි සතිවලදී සලකා බැලීමට නියමිතයි

එමෙන්ම පාකිස්ථාන මහ බැංකුව පසුගිය සඳුදා දිනයේ සිය ප්‍රධාන පොලී අනුපාතය 22්‍ර දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබුණා

කෙසේ වෙතත් එරට බොහෝ ප්‍රදේශවලට මේ වන විට දැවැන්ත විදුලි කප්පාදුවක් පවතින අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන්

Share This