මානසික සෞඛ්‍යට ඖෂධයක් ලෙස ඕස්ට්‍රේලියාව මැජික් හතු නීතිගත කරයි

මානසික සෞඛ්‍යට ඖෂධයක් ලෙස ඕස්ට්‍රේලියාව මැජික් හතු නීතිගත කරයි

ලොව ප්‍රථම වරට ඕස්ට්‍රේලියාව විසින් මානසික සෞඛ්‍ය සඳහා මැජික් හතු (Ecstasy) නීතිගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

MDMA යනු කෘතිම ඖෂධයක් වන අතර, මැජික් හතු එම ඖෂධය ස්වභාවිකව අඩංගු ශාකයක් ලෙසයි සඳහන් වන්නේ.

අද(01) සිට, බලයලත් මනෝ චිකිත්සකයින්ට පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) සහ සමහර ආකාරයේ මානසික අවපීඩනවලින් පෙළෙන අය සඳහා මැජික් හතු හෙවත් Ecstasy නිර්දේශ කිරීමේ හැකියාව පවතිනවා.

මැජික් හතුවල ප්‍රධාන මනෝ ක්‍රියාකාරී අමුද්‍රව්‍යය වන psilocybin වෛද්‍යමය වශයෙන් පාලිත පසුබිමක නිසි ලෙස පුහුණු වූ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ අධීක්ෂණය යටතේ භාවිතා කරන විට එය ආරක්ෂිත බව සායනික පරීක්ෂණවලදී අධ්‍යනය කර ඇති බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, සමහර ප්‍රවීණයන් පවසන්නේ මැජික් හතු හෙවත් Ecstasy තවමත් සායනිකව අත්හදා බලන මට්ටමේ පවතින අතර එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් කිසිදු මානසික සෞඛ්‍ය ආබාධයකට ප්‍රතිකාර කිරීම සඳහා මෙය විධිමත් ලෙස අනුමත කර නොමැති නිසා මෙම පියවර බයංකාර විය හැකි බවයි.

Share This