බටහිර කෙන්යාවේ සිදු වූ රිය අනතුරකින් 52ක් මරුට

බටහිර කෙන්යාවේ සිදු වූ රිය අනතුරකින් 52ක් මරුට

බටහිර කෙන්යාවේ සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 52ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකි වීම නිසා සිදු වූ මෙම අනතුරෙන් තිස් දෙනෙකුට බරපතල තුවාලලබා ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රක් රථයට සිරවී සිටින තුවාල ලැබූවන් බේරා ගැනීම සඳහා අදාළ අංශ තවමත් කකටයුතු කරන බවයි.

ඊයේ(30) සවස මෙම මාරාන්තික අනතුර සිදුව ඇති අතර කන්ටේනරයක් රැගෙන ගිය ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව තවත් වාහන කිහිපයක් ගැටී අනතුර සිදුව තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය කිප්චුම්බා මුර්කොමන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ආපදා තත්ත්වයට හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Share This