නගරාධිපතිවරුන් රැලියක් කැඳවීමත් සමග ප්‍රංශයේ විරෝධතාවල අඩුවක්

නගරාධිපතිවරුන් රැලියක් කැඳවීමත් සමග ප්‍රංශයේ විරෝධතාවල අඩුවක්

ප්‍රංශයේ නගරාධිපතිවරුන් විරෝධතාවලට එරෙහිව රැලියක් කැඳවීමත් සමග විරෝධතාවල අඩුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව ප්‍රචණ්ඩත්වයට සහ මංකොල්ලකෑම්වලට විරෝධය පළ කිරීම සඳහා අද (03) දිනයේ නගර ශාලාවෙන් පිටත රැස්වන ලෙස නගරාධිපතිවරුන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ

පොලිසිය විසින් තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඊට විරෝධය පල කිරීම සඳහා දින පහක කාලයක් එරට විරෝධතා පැවැත්වුණා.

විරෝධතාවල නිරත 150කට අධික පිරිසක් ඊයේ (02) දිනයේ අත්අඩංග-ුවට ගෙන ඇති අතර සෙනසුරාදා දිනයේ 700කට වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

එමෙන්ම හෙට (04) දිනයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් නගර 220 ක නගරාධිපතිවරුන් හමු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ

Share This