ෆිලඩෙල්ෆියාහි වෙඩි තැබීමක් -4ක් මරුට

ෆිලඩෙල්ෆියාහි වෙඩි තැබීමක් -4ක් මරුට

අමෙරිකාවේ, පෙන්සිල්වේනියාවේ විශාලතම නගරය වන ෆිලඩෙල්ෆියාහි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම තවත් අට දෙනෙකුට වෙඩි වැදී ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහැවිරි සහ 13 වියැති ළමුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෙඩි තැබීමට හේතුව කුමක්දැයි නොදන්නා බවත් ඒ පිළිබඳව විමර්ශන සිදු කරන බවත් එරට පොලිසිය සිදු කර තිබෙනවා

Share This