ප්‍රංශයේ කුඩා ගුවන් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

ප්‍රංශයේ කුඩා ගුවන් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

ප්‍රංශයේ නැගෙනහිර Haut-Rhin ප්‍රදේශයේ කුඩා සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ජර්මනියේ Karlsruhe සිට ගමන් කරමින් සිටියදී යානය අතුරුදන් වී ඇති අතර, එය සෙවීමට ආරක්ෂක අංශ සහ හදිසි සේවා අංශ යොමු කිරීමෙන් අනතුරව ගුවන් යානයේ සිටි පුද්ගලයින් දෙදෙනා සොයාගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ගුවන් යානය කඩා වැටීමට හේතු වූ කරුණු තවමත් නොදන්නා අතර මේ වනවිට එය අධීක්ෂණ මට්ටමේ පවතින බව සඳහන්.

Share This