රහස්‍ය ලේඛන පිටවීමෙන් පසු ආරක්ෂක ප්‍රතිපත්ති වෙනස් කිරීමට පෙන්ටගනය පියවර ගනී

රහස්‍ය ලේඛන පිටවීමෙන් පසු ආරක්ෂක ප්‍රතිපත්ති වෙනස් කිරීමට පෙන්ටගනය පියවර ගනී

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලේඛන පිටවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකළ පෙන්ටගනය එහි ආරක්ෂක පිළිබඳව පවතින ප්‍රතිපත්ති වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම රහස්‍ය ලේඛන පිටතට පැමිණීම ජාතික ආරක්ෂාවට “ඉතා බරපතල” අවදානමක් බව පෙන්ටගනය මීට පෙර සඳහන් කළේ

ඒ අනුව රහස්‍ය දත්ත වෙත ප්‍රවේශ වීමේ මට්ටම පාලනය කිරීම සඳහා නිලධාරීන් පත් කිරීමට සහ ඉලෙක්ට්‍රොනික උපාංග යොදා පද්ධති ස්ථාපනය කිරීම ගෙන ඇති නව පියවරයන් ලෙස හඳුන්වනු ලබනවා

හිටපු ගුවන් භටයෙකු වන Jack Teixeira මෙම රහස්‍ය ලේඛන පිටවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර, ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

රහස්‍ය ලේඛන පිටවීමෙන් පසුව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් පෙන්ටගනයේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ දින 45ක සමාලෝචනයක් සිදු කරන ලෙස බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා

ඒ අනුව පවතින සමහර ප්‍රතිපත්ති ශක්තිමත් කරන අතර අනෙක් ඒවා යාවත්කාලීන කර පවතින හිඩැස් පියවීම සඳහා නව නීති සකස් කරනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා

Share This