රුසියානු ජනපති ෂැංහයි රාජ්‍ය නායක සමුළුව අමතමින් කී දේ

රුසියානු ජනපති ෂැංහයි රාජ්‍ය නායක සමුළුව අමතමින් කී දේ

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුවේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේදී උපායමාර්ගික වශයෙන් ඉන්දියාව සමග එක්ව සහයෝගය ලබා දෙන බව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ වීඩියෝ තාක්ෂණය හරහා එම සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළ බවයි.

මෙම වසරේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එහිදී සිය ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා දෙන නව දිල්ලි ප්‍රකාශයට ද රුසියාව සහාය දක්වන බවයි ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ.

Share This