ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නක් -6ක් මරුට -81ක් රෝහලට

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නක් -6ක් මරුට -81ක් රෝහලට

ඉතාලියේ මිලාන් නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 81 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Casa dei Coniugi වැඩිහිටි නිවාසයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න ඉක්මනින් මැඩපවත්වා ඇති බව මිලානෝ නගරාධිපති Giuseppe Sala සඳහන් කරනවා

කාන්තාවන් දෙදෙනෙකු ජීවත් වූ එක් කාමරයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔවුන් ගින්නෙන් මිය ගොස් ඇති අතර මියගිය අනිත් සිව්දෙනා දුම් ආඝ්‍රාණය වීමෙන් මිය ගිය බවයි පැවසෙන්නේ .

මියගිය හය දෙනාගෙන් පස් දෙනෙක් කාන්තාවන් වන අතර රෝහල් ගත කළ සියලු දෙනා දුම් ආඝ්‍රාණය වීම නිසා පීඩා විඳිමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රෝහල් ගත කළ 14 දෙනකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

දකුණු මිලාන්හි කොර්වෙටෝ ප්‍රදේශයේ පිහිටි මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 167 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ

Share This