දකුණු අප්‍රිකාවේ වායු කාන්දුවක් නිසා මියගිය අයගෙන් වැඩි ප්‍රමාණයක් මොසැම්බික් ජාතිකයින්

දකුණු අප්‍රිකාවේ වායු කාන්දුවක් නිසා මියගිය අයගෙන් වැඩි ප්‍රමාණයක් මොසැම්බික් ජාතිකයින්

දකුණු අප්‍රිකාවේ වායු කාන්දුවක් හේතුවෙන් මියගිය පුද්ගලයන් 17දෙනාගෙන් 10 දෙනෙකු තම ජාතිකයින් බව මොසැම්බික් බලධාරීන් පවසනවා

ජොහැන්නස්බර්ග් හි නැගෙනහිර Boksburg ප්‍රදේශයේ අවිධිමත් ජනාවාසයක මෙම සිදුවීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළ අතර
රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයගෙන් සිව් දෙනෙක්ද මොසැම්බික් ජාතිකයින් බවයි පැවසෙන්නේ

පතල් කැණීම ඇතුළු විවිධ රැකියාවන්හි නිරතවීමට ගොස් මොසැම්බික් සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් දකුණු අප්‍රිකාවේ ජීවත්වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This