ඔඩිෂා දුම්රිය අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔඩිෂා දුම්රිය අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දරුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් එරට දුම්රිය සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්රිය සංඥා අංශයේ ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ කාර්මික ශිල්පියකු ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තිදෙනාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවට සිදු කළ මූලික විමර්ශනයකින් අනාවරණය වී ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන දුම්රිය ආරක්‍ෂක කොමසාරිස්වරයා පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේ සංඥා දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දෝෂ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඔඩිෂා දුම්රිය අනතුරින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මියගොස් තවත් 1000කට අධික පිරිසක් තුවාල ලැබුවා.

Share This