බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 14 දෙනෙකු මරුට

බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 14 දෙනෙකු මරුට

බ්‍රසීලයේ ඊසාන දිග Pernambuco ප්‍රාන්තයේ Recifeහි පිහිටි මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය ගිය පිරිස අතර ළමුන් සිව් දෙනෙකු සිටින බවයි.

එමෙන්ම අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බව සඳහන්.

Share This