අභියෝගවලට මුහුණ දීමේදී ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම ඉන්දියාව පිළිගනී

අභියෝගවලට මුහුණ දීමේදී ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම ඉන්දියාව පිළිගනී

වර්තමානයේදී ලොව හමුවේ පවතින සංකීර්ණ අභියෝගවලට මුහුණ දීමේදී ගෝලීය සහයෝගීතාවයේ සහ දැනුම බෙදාගැනීමේ වැදගත්කම ඉන්දියාව පිළිගන්නා බව එරට විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං පවසනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජී 20 සාමාජික රටවල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන්ගේ හමුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ඔහු මෙය සඳහන් කළ බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එය අවධාරණය කර ඇතැයි ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම ඔහු G20 සාමාජික රටවලින් ඉල්ලා සිටියේ සමානාත්මතාවය සහ තිරසාර වර්ධනයක් තුළ ගැඹුරු න්‍යාය පත්‍රයක් සමඟ ඉදිරියට යන ලෙසයි.

තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ සැමට සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා සාමූහික බව මෙන්ම විශේෂඥ දැනුම ද උපයෝගී කර ගන්නා ලෙස ඔහු සාමාජික රටවලින් ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම සමුළුවේ මෙවර සභාපතිත්වය ඉන්දියාව විසින් හොබවනු ලබනවා.

Share This