ඉන්දීය අගමැති ප්‍රංශ ගමන අරඹයි

ඉන්දීය අගමැති ප්‍රංශ ගමන අරඹයි

තුන්දින නිල විදෙස් සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රංශ සංචාරයට එක් වන බවයි.

බැස්ටිල් දිනය හෙවත් ප්‍රංශයේ ජාතික දිනය හෙටට යෙදී තිබෙනවා.

ඊට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවයේ ගෞරවනීය සහභාගීත්වය වෙනුවෙන් ආරාධනා හිමිව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාටයි.

ප්‍රංශය බලා පිටත්ව යාමට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රන් හමුවීමට බලාපොරොත්තු වන බව හා දෙරට අතර හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.

Share This