එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවෙන් සංක්‍රමණිකයන් පැමිණීම වැළක්වීමට පාවෙන බාධක (VIDEO)

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවෙන් සංක්‍රමණිකයන් පැමිණීම වැළක්වීමට පාවෙන බාධක (VIDEO)

මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම වැළක්වීම සඳහා Rio Grande ගං ඉවුර දිගේ පාවෙන බාධකයක් සවි කිරීමට ටෙක්සාස් නිලධාරීන් පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ පිළිබඳව සංක්‍රමණික උපදේශකයින් පවසන්නේ එය අකාර්යක්ෂම විය හැකි අතර සංක්‍රමණිකයන්ට අනතුරුදායක විය හැකි බවයි.

කෙසේවෙතත් මෙම බාධකය එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට උපකාරී වනු ඇති බවයි බලධාරීහු විශ්වාසය පළ කර තිබෙන්නේ

මෙම පාවෙන බාධකය ගඟේ අඩි 1,000 පමණ ප්‍රමාණයක් ආවරණය කරනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා

Share This