සහල් අපනයනය සීමා කිරීමට ඉන්දියාව සැරසෙයි

සහල් අපනයනය සීමා කිරීමට ඉන්දියාව සැරසෙයි

සහල් අපනයනය කිරීම සීමා කිරීමට ඉන්දීය රජය සලකා බලමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ ඉහළ යන දේශීය භාණ්ඩ මිල ගණන් හේතුවෙන් සහ උද්ධමනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීමට සිදු කරන පියවරක් ලෙසයි බලධාරීන් මෙම පියවර ගැනීමට සූදානම් වන්නේ.

මේ අනුව බාස්මතී නොවන සියලුම සහල් අපනයනය තහනම් කිරීමේ සැලැස්මක් පිළිබඳව අවදානය යොමු කර ඇති බවයි එම වාර්තා පැවසුවේ.

මෙම තහනමක් ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවේ සහල් අපනයනයෙන් 80%කට පමණ බලපෑම් එල්ල වනවා.

එමෙන්ම ඉන්දියාව රටවල් 100 කට වැඩි ගණනකට සහල් අපනයනය සිදු කරන බව සඳහන්.

Share This