ඉන්දීය අගමැතිට ප්‍රංශයෙන් ගෞරව ප්‍රදානයක් 

ඉන්දීය අගමැතිට ප්‍රංශයෙන් ගෞරව ප්‍රදානයක් 

ප්‍රංශයේ ශාස්ත්‍රපති උපාධියක් හදාරන ඉන්දියානු සිසුන්ට වසර පහක දිගුකාලීන පශ්චාත් අධ්‍යයන වීසා බලපත්‍රයක් ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා

පැරීසියේ LA Seine Musicale හි ඉන්දීය ප්‍රජාව අමතමින් අගමැති මෝදි මේ බව ප්‍රකාශ කර සිටියා

මීට පෙර ඉන්දියානු සිසුන්ට වසර 2ක පශ්චාත් අධ්‍යයන රැකියා වීසා බලපත්‍ර ලබා දී තිබූ බවයි පැවසෙන්නේ

දෙදින නිල සංචාරයක් සඳහා පැරිස් නුවරට පැමිණි ඉන්දීය අගමැතිවරයා එරට ගුවන් තොටුපළේදී ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් විසින් ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවා

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජියන් ඔෆ් ඔනර් හිමේ ග්‍රෑන්ඩ් ක්‍රොස් (Grand Cross of the Legion of Honour) ගෞරව සම්මානයෙන් ප්‍රංශ සංචාරය අතරේදී පිදුම් ලබා තිබෙනවා.

එය හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට ප්‍රංශයේදී හිමිවන ඉහළම ගෞරවය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත එම ගෞරව ප්‍රදානය සිදු කර ඇත්තේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්.

ඒ අනුව ප්‍රංශයේ Grand Cross of the Legion of Honour වෙනුවෙන් පාත්‍ර වූ පළමු ඉන්දීය අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක්වන්නේ ද නරේන්ද්‍ර මෝදි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ දිනවල ප්‍රංශයේ සංචාරයක නිරත වී සිටින්නෙ ද අදට යෙදී තිබෙන එරට ජාතික දින උත්සවයට සමගාමීවයි.

ඔහු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග ප්‍රංශ ජාතික දින පෙළපාලියට සහභාගී වන අතර එය “ඉන්දියාව සහ ප්‍රංශය අතර නොබිඳිය හැකි මිත්‍රත්වයේ” පිළිබිඹුවක් ලෙසිනුයි හඳුන්වා ඇත්තේ

ඉන්දියාව සහ ප්‍රංශය දීර්ඝ කාලයක සිට පුරාවිද්‍යා දූත මණ්ඩලවල කටයුතු කරන බව දන්නේ ඉතා සුළු පිරිසක් බවද ඉන්දීය අගමැතිවරයා පවසනවා

Share This