බිහිසුණු අනතුරකින් පසු හිස නැවත බද්ධ කළ ශල්‍යකර්මය

බිහිසුණු අනතුරකින් පසු හිස නැවත බද්ධ කළ ශල්‍යකර්මය

බයිසිකලයක් පදිමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පසු ඊශ්‍රායලයේ වෛද්‍යවරු විසින් 12 හැවිරිදි පිරිමි ළමයෙකුට ඔහුගේ හිස  බද්ධ කිරීමට  ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

මෙම ශල්‍යකර්මය අතිශය අසාමාන්‍ය හා සංකීර්ණ ශල්‍යකර්මයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Suleiman Hassan නම් වූ මෙම දරුවාගේ හිස් කබල ඔහුගේ කොඳු ඇට පෙළේ ඉහළ කශේරුකාවෙන් වෙන් වී තිබෙනවා.

මෙම තත්ත්වය විද්‍යාත්මකව bilateral atlanto occipital වූ සන්ධි විස්ථාපනයක් ලෙස හඳුන්වන බවයි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.

ප්‍රතිකාරය අධීක්‍ෂණය කළ විකලාංග ශල්‍ය වෛද්‍ය ඔහාඩ් අයිනව් පැවසුවේ ශල්‍යකර්මය සිදු කිරීමට පැය කිහිපයක් ගත වූ බවයි.

ළමයාට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව තිබුණේ සියයට 50 ක් පමණක් බැවින් ඔහුගේ සුවය ආශ්චර්යයකට වඩා අඩු නොවන බවයි ශල්‍ය වෛද්‍යවරු සඳහන් කරන්නේ.

මෙම ශල්‍යකර්මය පසුගිය මාසයේ සිදු වූ නමුත්, වෛද්‍යවරු ජූලි මාසය වන තෙක් ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් නොකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This