අධික උණුසුම හේතුවෙන් ඉතාලියේ නගර 16කට රතු නිවේදන

අධික උණුසුම හේතුවෙන් ඉතාලියේ නගර 16කට රතු නිවේදන

දකුණු යුරෝපයට පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉතාලියේ නගර 16කට රතු නිවේදන නිකුත් කරමින් අනතුරු ඇඟවීම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඉදිරි දින කිහිපයේ දී රෝමය, ෆ්ලෝරන්ස් සහ බොලොග්නා ඇතුළු ප්‍රදේශවලට ද මෙම තත්ත්වය බලපානු ඇති බවයි

ඒ අනුව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් පෙරවරු 11.00 සිට පස්වරු 06.00 දක්වා අතර කාලය තුළ සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ

අධික උණුසුම් සහිත කාලගුණය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් සඳහා ද අවදානම් වන අතර වැඩිහිටියන් හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

Share This