ස්පාඤ්ඤයේ ලැව්ගිනි පැතිරීම තවදුරටත්

ස්පාඤ්ඤයේ ලැව්ගිනි පැතිරීම තවදුරටත්

ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤයේ පුද්ගලයන් 4,300කට ආසන්න පිරිසක් සිය ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා ක‍රන්නේ, ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල – ලා පල්මාහි මෙම ලැව්ගිනි ඉතා තීව්‍ර ලෙස පැතිරෙමින් පවතින බවයි.

ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට අක්කර 11,100කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

විවිධ ආයතනවල ගිනි නිවන භටයන් 400ක් පමණ ගින්න නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

නිවාස 12ක් පමණ මේ වනවිටත් විනාශ වී ඇති බවද සඳහන්.

එසේම බොහෝ පිරිසක් නිවෙස්වලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වනවා.

දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි සතිය තුළ දිගටම පවතිනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්.

Share This