IMFවලින් සැම්බියාවට අමෙරිකානු ඩොලර් මිලියන 189ක ණය මුදලක්

IMFවලින් සැම්බියාවට අමෙරිකානු ඩොලර් මිලියන 189ක ණය මුදලක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැම්බියාවට අමෙරිකානු ඩොලර් මිලියන 189ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

එහි විධායක මණ්ඩලය සැම්බියාවට ඩොලර් බිලියන 1.3 ක ණයක් ලබා දීමට යෝජනා කර ඇති අතර පළමු සමාලෝචනයෙන් පසුවයි ඩොලර් මිලියන 189ක මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ.

විදේශීය ණය ඩොලර් බිලියන 6.3ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ඇතුළු විදේශීය රටවල් කිහිපයක් සමග සැම්බියාව ගිවිසුම් ගතවීමත් සමගයි IMF විසින් ද මෙලෙස ණය මුදලක් අනුමත කර තිබෙන්නේ.

COVID-19 වසංගතය අතරතුර ණය ගෙවීම පැහැර හරින ලද පළමු අප්‍රිකානු රට සැම්බියාව වූ අතර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා ද දීර්ඝ ලෙස පමා වී තිබූ බව ද සඳහන්.

සැම්බියාවේ මුළු රාජ්‍ය ණය මේ වසර අවසානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 110% සිට 2026 අවසානය වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 88.5% දක්වා පහත වැටෙනු ඇති බවටයි IMF විසින් අනුමාන කර ඇත්තේ.

සැම්බියාවේ ආර්ථික වර්ධනය මෙම වසරේදී 3.6% දක්වා මධ්‍යස්ථ වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය 2024 දී 4.3% දක්වා වේගවත් වී එය පසුව 5%ක් පමණ වනු ඇතැයි ද අපේක්ෂා කරනවා.

Share This