දකුණු කොරියාවට දැඩි ගංවතුර -උමං මාර්ගයකින් සිරුරු 13ක් සොයා ගැනේ (VIDEO )

දකුණු කොරියාවට දැඩි ගංවතුර -උමං මාර්ගයකින් සිරුරු 13ක් සොයා ගැනේ (VIDEO )

මධ්‍යම දකුණු කොරියාවේ චියොන්ජු නගරයේ පවතින ගංවතුර හේතුවෙන් උමං මාර්ගයක සිරවී සිටි ජනතාව බේරාගැනීමට ගිය සහනකරුවන් විසින් 13කගේ සිරුරු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මීටර් 685ක් දිග මෙම උමං මාර්ගය ජලයෙන් යටවී ඇති අතර කොපමණ සංඛ්‍යාවක් එහි සිරවී ඇත්ද යන්න නිලධාරීන් තවමත් අනාවරණය කර නොමැති නමුත් වාහන 15 ක් තිබෙන බවයි සඳහන් කර ඇත්තේ

අධික වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියාවට ගංවතුර බලපෑම් , නායයෑම් සහ විදුලියද විසන්ධි වී තිබෙන බවයි වාර්තා වන්නේ

අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවද බලධාරීන් පවසනවා

උතුරු Chungcheong හි Goesan වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමෙන් පසු පදිංචිකරුවන් 6,400 ක් පමණ ඉවත් කර ඇති බවද සඳහන්

වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන්ම මාර්ග රැසක්ද ජලයෙන් යටවීම නිසා ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටින බවයි පැවසෙන්නේ

Share This