දකුණු අප්‍රිකාවේ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වෙයි -අයෙක් මරුට

දකුණු අප්‍රිකාවේ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වෙයි -අයෙක් මරුට

දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය නගරයේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කෙනඩි පාරේ අවිධිමත් ජනාවාස හරහා ඇති වූ ගින්නෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බවට තහවුරු වී ඇති නමුත් තවත් සිරුරු තිබිය හැකි බවට විශ්වාස කරන බවයි බලධාරීන් පවසන්නේ

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් .

කෙසේ වෙතත්, සිද්ධිය ඇසින් දුටු සමහර අය පවසා තිබෙන්නේ මත්පැන් පානය කර සිටි දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් මෙයට හේතුවූ බවයි

පැල්පත් 1000ක් පමණ විනාශ වී ඇති බවත් මිනිසුන් 3,000කට පමණ නිවාස අහිමිවී ඇති බවත් දකුණු අප්‍රිකානු රතු කුරුස සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා

රතු කුරුස සංවිධානය විසින් විපතට පත්වූවන්ට උණුසුම් ආහාර, මෙට්ට සහ බ්ලැන්කට් බෙදා හැර ඇති බවද සඳහන් වනවා

Share This