තාලිම් සුළි කුණාටුවට මුහුණ දීමට දකුණු චීනය සහ වියට්නාමය සූදානමින්

තාලිම් සුළි කුණාටුවට මුහුණ දීමට දකුණු චීනය සහ වියට්නාමය සූදානමින්

තාලිම් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු චීනයේ සහ වියට්නාමයේ විශාල පිරිසක් ඉවත් කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ

ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති අතර තාලිම් සුළි කුණාටුව ගොඩබිමට පැමිණෙන විට ප්‍රබල සුළං, කුණාටු සහ තද වැසි ගුවැන්ඩොං සිට හයිනාන් පළාත් දක්වා වූ දකුණු වෙරළ තීරයට බලපානු ඇති බවට චීන කාලගුණ විද්‍යා පරිපාලනය සඳහන් කරනවා

වියට්නාමයේ බලධාරීන් පැවසුවේ Quang Ninh සහ Hai Phong පළාත්වල දැඩි ලෙස පීඩාවට පත් වනු ඇතැයි දැනුම් දී ඇති ප්‍රදේශවලින් 30,000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සූදානම් වන බව ද විදෙස් මාධ්‍ය පවසනවා

සංචාරකයින්ට දූපත් ප්‍රදේශවලින් පිටවන ලෙස උපදෙස් දී ඇති අතර කුණාටුවෙන් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ගුවන් සමාගම් සේවා ගුවන් ගමන් කාලසටහන්ද වෙනස් කර තිබෙනවා .

දකුණු චීනයේ Guangdong පළාතේ Yunfu නගරයේ මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 1,000ක් ඉවත් කර ඇති බව වාර්තා වනවා

හයිනාන් දූපතේ පිහිටි Meilan ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ Qionghai Boao ගුවන් තොටුපලේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා ක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This