රුසියාව නිල වශයෙන් යුක්‍රේන ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වෙයි

රුසියාව නිල වශයෙන් යුක්‍රේන ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වෙයි

රුසියාව විසින් යුක්‍රේනයට ධාන්‍ය අපනයනය කරන ගනුදෙනුවෙන් නිල වශයෙන් ඉවත් වන බව අද (17) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තීරණාත්මක ධාන්‍ය ගනුදෙනුව අලුත් නොකරන බවයි රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, තුර්කියට සහ යුක්‍රේනයට දන්වා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පවතින බවට තමන් විශ්වාස කරන අතර ලබන මාසයේ ඔහු හමු වී ගනුදෙනුව අලුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ බටහිර නායකයින් මෙම තීරණය හෙළා දැක ඇති බවයි

Share This