ග්‍රීසියේ ලැව්ගිනි හේතුවෙන් කඳවුරක සිටි ළමුන් 1,200ක් ඉවත් කෙරේ

ග්‍රීසියේ ලැව්ගිනි හේතුවෙන් කඳවුරක සිටි ළමුන් 1,200ක් ඉවත් කෙරේ

ග්‍රීසියේ ලැව්ගිනි හටගැනීමත් සමග කඳවුරක සිටි ළමුන් දහසකට වැඩි පිරිසක් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇතන්ස් හි බටහිර වෙරළබඩ නගරයක් වන ලූත්‍රාකි හි පිහිටි මෙම කඳවුරට ගිනිදැල් පැමිණීමත් සමග එහි සිටි ළමුන් 1,200 ක් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

මේ අතර, අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි කූවාරස් ප්‍රදේශයේදී තවත් ගින්නක් ඇති කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

හදිසි සේවා කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව බොහෝ පිරිසක් තම නිවෙස් හැර යාමට පටන් ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ගින්නට හසු වූ අශ්ව ගාලක සිටි අශ්වයන් ගණනාවක් ඇතුළු සතුන් කිහිප දෙනෙකු ද ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ

මේ අතර ග්‍රීක රජය පවසා ඇත්තේ ගින්නෙන් විපතට පත් නිවාසවල සිටි ජනතාවට දේශීය හෝටල්වල නවාතැන් ගැනීමට අවස්ථාව ඇති බවත් ඔවුන්ට පසුව වන්දි ලබා දෙන බවත්ය.

දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරී ඇති අතර, ගිනි නිවන භටයින් සිය ගණනක් ගින්න පැතිරීම මැඩපැවැත්වීමට සටන් කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ග්‍රීක ගිනි නිවන සේවා ප්‍රකාශක Ioannis Artopios පැවසුවේ සුළඟ නිසා ගුවන් යානාවලට ආරක්ෂිතව ලැව් ගිනි වෙත ළඟා වීමට අපහසු වී ඇති නමුත් ගිනි නිවන භටයන් ගිනි නිවීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

Share This