අධික පිරිවැය නිසා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකිවෙයිද ?

අධික පිරිවැය නිසා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකිවෙයිද ?

2026 වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා පුරෝකථනය කර තිබූ පිරිවැය මුල් ඇස්තමේන්තුවට වඩා තුන් ගුණයකින් වැඩිවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය එම ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සැලසුම් අවලංගු කර ඇති බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා

මූලික ඇස්තමේන්තුවලට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2.6ක් වූ නමුත් නව ඇස්තමේන්තු අනුව එය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 7කට ආසන්න වී ඇති බව අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මෙල්බර්න් හිදී වාර්තාකරුවන්ට පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සෑම වසර හතරකට වරක් පැවැත්වෙන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සහ ප්‍රදේශ 72 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සහභාගී වන බහු ක්‍රීඩා ඉසව්වක් .

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය, මෙම තීරණය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ව්‍යාපාරය සඳහා බලාපොරොත්තු මෙයින් සුන්වන බවයි

එමෙන්ම වික්ටෝරියානු බලධාරීන් මීට පෙර වියදම් පිළිබඳ උත්සුකයන් මතු නොකළ බවද එම සම්මේලනය සඳහන් කර තිබෙනවා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මීට පෙර අවලංගු කර ඇත්තේ දෙවන ලෝක යුද සමයේදී පමණක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This