කාන්තාවක් එවරස්ට් මත සිට නේපාලයේ ඔසප් තහංචිවලට අභියෝග කරයි

කාන්තාවක් එවරස්ට් මත සිට නේපාලයේ ඔසප් තහංචිවලට අභියෝග කරයි

නේපාලයේ පවතින ඔසප් තහංචිවලට අභියෝග කරමින් සංගීතා රෝකායා එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා.

සමාජය ඔසප්වීම දෙස බලන ආකාරයේ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ඇය එවරස්ට් කන්ද තරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේපාලයේ කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් සමය තුළ දී නිවෙස්වලින් පිටත මඩුවල හුදකලාවීමට බලකෙරෙන සම්ප්‍රදායක් නේපාලයේ වන අතර එය ‘චෞපඩී’ ලෙස හඳුන්වනවා.

චෞපඩී සම්ප්‍රදායේ හානිකර බලපෑම පිළිබඳව දැනුවත්භාවය පතුරවමින්, එය මුලිනුපුටා දැමීමේ පණිවුඩයක් ද සමගින් සාර්ථකව එවරස්ට් කන්ද තරණය තරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This