කොලොම්බියාවේ ගංගාවක ඉවුරු කඩා වැටීමෙන් 14ක් මරුට

කොලොම්බියාවේ ගංගාවක ඉවුරු කඩා වැටීමෙන් 14ක් මරුට

පැවති අධික වර්ෂාව හේතුවෙන් කොලොම්බියාවේ ගංගාවක ඉවුරු කඩා වැටීම නිසා අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වයස අවුරුදු 12, 10 සහ 6 යන වයස්වල පසුවන කුඩා ළමුන් තිදෙනෙකුද මිය ගොස් ඇති බව එරට බලධාරීහු සඳහන් කරනවා

ඉහළ යන ජල මට්ටම් හේතුවෙන් බොගෝටා අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි ක්වෙටේම් හි නිවාස රැසක් විනාශයට පත්වී තිබෙන බවද සඳහන්

ගලවා ගැනීමේ සේවකයින් තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බවට පවසා තිබෙනවා

Bogotá සහ Villavicencio නගර යා කරන පාලමක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කොලොම්බියානු ජනාධිපති Gustavo Petro ට්විටර් සටහනක් තබමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

Share This