සුපිරි නිරූපිකා Gigi Hadid ගංජා සමග අත්අඩංගුවට

සුපිරි නිරූපිකා Gigi Hadid ගංජා සමග අත්අඩංගුවට

ඇමරිකානු සුපිරි නිරූපිකාවක් වන Gigi Hadid කේමන් දූපත් වල නිවාඩුවක් ගත කරමින් සිටියදී ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

28 හැවිරිදි සුපිරි නිරූපිකාව Owen Roberts ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පුද්ගලික ගුවන් යානයකින් මිතුරෙකු සමග කේමන් දූපත් වෙත පැමිණීමෙන් පසුවයි..

Gigi සහ ඇගේ මිතුරිය පෞද්ගලික ගුවන් යානයකින් පැමිණ ටික වේලාවකට පසු, රේගු නිලධාරීන් ඔවුන්ගේ ගමන් මලුවල “ගංජා සහ ගංජා පරිභෝජනය සඳහා භාවිතා කරන උපකරණ” සොයාගෙන තිබෙනවා.

පසුව Gigi සහ ඇගේ මිතුරිය ගංජා ආනයනය කිරීම සහ ගංජා පරිභෝජනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් සිරකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇප මත මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This