Fifa කාන්තා ලෝක කුසලානයට පැය කිහිපයකට පෙර එරට වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට (VIDEO)

Fifa කාන්තා ලෝක කුසලානයට පැය කිහිපයකට පෙර එරට වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට (VIDEO)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර Fifa කාන්තා ලෝක කුසලානය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉදිකිරීම් ස්ථානයක සිදු වූ මෙම සිදුවීමෙන් පසු පොලිස් නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

වෙඩි තැබූ තුවක්කුකරු ද මිය ගොස් ඇති බව එරට පොලිසිය තහවුරු කරනවා .

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොසලකන බවයි අගමැති ක්‍රිස් හිප්කින්ස් පවසන්නේ

තරගාවලිය සැලසුම් කළ පරිදිම ඉදිරියට පැවැත්වෙනු ඇති බවත් අන් අයගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කළ සෑම පොලිස් නිලධාරියෙකුටම ස්තූති
කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා

ප්‍රහාරය එල්ලකිරීමට හේතුවක් හඳුනාගෙන නොමැති අතර සියලුම Fifa නිලධාරීන් සහ පාපන්දු කණ්ඩායම් ආරක්ෂිතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පොලිසියක් යොදවා සිටින බවත් ආරම්භක තරගය Eden Park හිදී නවසීලන්තය සහ Norway අතර පැවැත්වීමට නියමිත බවත්ය .

Share This