හවායි හි මිලියනයකට අධික ජනතාවකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

හවායි හි මිලියනයකට අධික ජනතාවකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

හවායි හි මිලියනයකට අධික ජනතාවකට Calvin කුණාටුව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

කැල්වින් කුණාටුව හවායි හි Big අයිලන්ඩ් වෙත ළඟාවී ඇත්තේ පැයට සැතපුම් 45ක සුළං වේගයකින් බව එරට ජාතික කාලගුණ සේවය (NWS) පවසනවා

මාර්ග කිහිපයක් සහ පාසල් වසා දමා ඇති අතර ගංවතුර සහ නායයෑමේ අවදානම තවදුරටත් පවතින බවටද අනතුරු අඟවා තිබෙනවා

Big අයිලන්ඩ් හිද සියලුම රාජ්‍ය කාර්යාල සහ පාසල් වසා දමා ඇති අතර Maui හි නැගෙනහිර ප්‍රදේශයේ රිය ධාවනය කිරීමෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ

සංචාරකයින්ට කඳු නැගීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇති අතර , කුණාටුව ප්‍රාන්තයේ ඕනෑම තැනක තත්ත්වයන්ට බලපෑම් කළ හැකි බවට අනතුරු අඟවා ඇත.

Share This