පුද්ගල පැහැර ගැනීම්වලට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා

පුද්ගල පැහැර ගැනීම්වලට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා

පාකිස්ථානය තුළ පුද්ගල පැහැර ගැනීම් හා අතුරුදන් වීමේ සිද්ධීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හමුවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් එරට විරෝධතා පෙළපාළියක් පවත්වා තිබෙනවා.

කරච්චි නගරය දක්වා පැවැති මෙම විරෝධතාවය හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් අධිවේගී මාර්ගයක් අවහිර කිරීම හේතුවෙන් රථවාහන රියදුරන් දැඩි අපහසුතාවට පත්වූ බව ද සඳහන්.

අතුරුදන්වූ සිය ඥාතීන් සොයා දෙන ලෙස බලකරමින් විරෝධතාකරුවන් විසින් විරෝධතා පුවරුද රැගෙන වීථි අවහිර කර කටයුතු කර තිබෙනවා.

අතුරුදන් වූවන් සෙවීමේ වගකීම රජයට පැවරිය යුතු බවත්, කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්නම් සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු බවත් ඔවුන් බල කර සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ

Share This