මියගිය පෙන්ගුයින් 2000ක් පමණ උරුගුවේ වෙරළ තීරයේ

මියගිය පෙන්ගුයින් 2000ක් පමණ උරුගුවේ වෙරළ තීරයේ

නැගෙනහිර උරුගුවේ වෙරළ තීරයේ මියගිය පෙන්ගුයින් 2,000 ක් පමණ හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පෙන්ගුයින් සත්ත්වයින්ට කුරුළු උණ වැළඳී නොමැති අතර මියයාමට හේතුව තවමත් සොයාගැනීමට නොහැකි වූ බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.

මැගෙලානික් පෙන්ගුයින් අත්ලාන්තික් සාගරයේ දී මියගොස් ඇති අතර, රළ පහර නිසා උරුගුවේ වෙරළට ගසාගෙන ආ බවයි පරිසර අමාත්‍යාංශයේ සත්ත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කාමන් ලීසාගොයින් පවසන්නේ.

මැගලනික් පෙන්ගුයින් දකුණු ආර්ජන්ටිනාවේ ජිවත් වනවා.

දකුණු අර්ධගෝලයේ ශීත ඍතුවේ දී, ඔවුන් ආහාර සහ උණුසුම් ජලය සොයා උතුරු දෙසට සංක්‍රමණය වන අතර, බ්‍රසීලයේ Espirito Santo ප්‍රාන්තයේ වෙරළ තීරයට පවා පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැගලනික් පෙන්ගුයින් මරණ වැඩිවීමට අධික ලෙස මසුන් ඇල්ලීම සහ නීතිවිරෝධී මසුන් ඇල්ලීම හේතු වී ඇති බවයි පාරිසරික උපදේශකයෝ පවසන්නේ.

පෙන්ගුවින් සත්ත්වයන්ට අමතරව මොන්ටෙවීඩියෝ අගනුවරට නැගෙනහිරින් පිහිටි මැල්ඩොනාඩෝ හි වෙරළ තීරයේ මිය ගිය මුහුදු පක්ෂීන්, මුහුදු කැස්බෑවන් සහ මුහුදු සිංහයන් සොයා ගත් බවයි එරට පරිසරවේදීන් සඳහන් කරන්නේ.

Share This