චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් 10ක් මරුට

චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් 10ක් මරුට

ඊසානදිග චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් එක් අයෙකු සිරවී සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

Heilongjiang පළාතේ Qiqihar හි පිහිටි ව්‍යායාම් ශාලාවේ වහලය ඊයේ (23) සවස් වරුවේ කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගලවා ගැනීමේ සේවකයින් විසින් 14 දෙනෙකු සුන්බුන් වලින් සොයා ගෙන ඇති බවද සඳහන්

ගිනි නිවන භටයින් 160කට ආසන්න සංඛ්‍යාවක් සහ ගිනි නිවන රථ 39ක් යොදවා සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිකිරීම් සමාගම භාරව සිටි අය පොලිස් භාරයට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This