යුක්‍රේන ආහාර අපනයනය කරන වරායන්ට දිගින් දිගටම රුසියාවෙන් ප්‍රහාර

යුක්‍රේන ආහාර අපනයනය කරන වරායන්ට දිගින් දිගටම රුසියාවෙන් ප්‍රහාර

රුසියාව දිනපතාම පාහේ යුක්‍රේන ආහාර අපනයනය කරන වරායන්ට පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු දිග ඔඩේසා වරායට ඊයේ (23) එල්ල වූ ප්‍රහාරයකින් එක් අයකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

යුක්‍රේන ධාන්‍ය අපනයනය සහතික කළ කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වූයේ ගිවිසුමේ තේරුමක් නැති වූ නිසා බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇති බවද සඳහන්

එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ශාන්ත පීටර්ස්බර්ග් හි පැවැත්වෙන දෙවන රුසියානු-අප්‍රිකා සමුළුවට පෙර පුටින් පැවසුවේ රුසියාව මේ වසරේ වාර්තාගත අස්වැන්නක් අපේක්ෂා කරන බවයි.

 

Share This