චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට

චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට

ඊසානදිග චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

එරට නිලධාරීන් පවසන්නේ ව්‍යායාම් ශාලාව කඩා වැටීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු එහි සිරවී සිටි බවයි.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් වන බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍ය වෙත සඳහන් කර ඇති අතර මෙය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This