සුඩානයේ ගුවන් අනතුරකින් නව දෙනෙකු මරුට

සුඩානයේ ගුවන් අනතුරකින් නව දෙනෙකු මරුට

සුඩානයේ ගුවන් තොටුපළේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සුඩාන හමුදාව පවසනවා

සිවිල් ගුවන් යානයක් වන ඇන්ටනොව් යානය ගුවන්ගත වීමේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මියගිය අය අතර හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු වන බවත් අනතුරින් තරුණියක් දිවි ගලවාගෙන ඇති බවත් සුඩාන හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා

හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර පවතින සටන් හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් අවතැන් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This