ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට (VIDEO)

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට (VIDEO)

ග්‍රීසියේ Evia ප්‍රදේශයේ ලැව්ගිනි නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ග්‍රීක ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු මිය ගිය බව බලධාරීහු පවසනවා .

Platanistos අසල ලැව් ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ජල බෝම්බ හෙලන යානය කඩා වැටී ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ

34 හැවිරිදි Cdr Christos Moulas නියමුවා සහ ඔහුගේ සහායක නියමුවා වන 27 හැවිරිදි Pericles Stefanidis මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ග්‍රීක සන්නද්ධ හමුදාවන්හි තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ

Share This