බිරිඳ සහ බිරිඳගේ දෙමව්පියන් මරා මාස 9ක් වයස බිළිඳිය සමග පුද්ගලයෙක් පොලිසියට භාර වෙයි

බිරිඳ සහ බිරිඳගේ දෙමව්පියන් මරා මාස 9ක් වයස බිළිඳිය සමග පුද්ගලයෙක් පොලිසියට භාර වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගෝලාගාට් දිස්ත්‍රික්කයේ  කොවිඩ් ලොක්ඩවුන් ආදර කතාවක් බිහිසුණු ත්‍රිත්ව ඝාතනයකින් අවසන් වී තිබෙනවා.

25 හැවිරිදි නසිබුර් රහ්මන් බෝරා සහ 24 හැවිරිදි සංඝමිත්‍ර ඝෝෂ් අතර ඇති වූ සබඳතාව මේ සඳුදා දරුණු අපරාධයක් දක්වා ගොස් ඇති අතර ඔහු බිරිඳ සහ ඇගේ දෙමාපියන් ඝාතනය කර මාස 09ක් වයසැති බිළිඳිය අතැතිව පොලිසියට භාර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිසියට අනුව, 2020 ජුනි මාසයේදී, වසංගතය පාලනය කිරීම සඳහා රට හුදකලා කළ අවස්ථාවේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන නසිබර් සහ සංඝමිත්‍රා ෆේස්බුක් හි මිතුරන් බවට පත්වී තිබෙනවා.

මිත්‍රත්වය මාස කිහිපයකින් ප්‍රේමයක් බවට පත් වූ අතර එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා කොල්කටා වෙත පලා ගිය බවයි සඳහන් වන්නේ.

සංඝමිත්‍රාගේ දෙමාපියන් ඇයව නැවත නිවසට ගෙන ආ නමුත් ඇය ඒ වන විටත් කොල්කටා අධිකරණයකදී නසිබර් සමඟ විවාහ වී සිටියා.

පසුව ඇයට දරුවෙකු ලැබී මාස හතරකට පසු, සංඝමිත්‍රා සිය ළදරු පුතා සමඟ නසිබුර්ගේ නිවස හැර ගොස් ඇගේ දෙමාපියන්ගේ නිවසට ගියාය.

නසිබර් තමාට වධ හිංසා කළ බවට ඇය චෝදනා කළ අතර පොලිස් පැමිණිල්ලක් ද ලියාපදිංචි කාර තිබෙනවා. මිනීමැරීමට තැත් කිරීමේ නඩුවක් ලියාපදිංචි කර නසිබර් අත්අඩංගුවට ගෙන ඇති අතර දින 28කට පසු ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා.

සිරගෙයින් පිටතට පැමිණි පසු නසිබර්ට තම දරුවා හමුවීමට අවශ්‍ය වූ නමුත් සංඝමිත්‍රගේ පවුලේ අය ඔහුට ඉඩ දුන්නේ නැත.

සඳුදා දහවල් නසිබර් ඔහුගේ බිරිඳ සංඝමිත්‍රා සහ ඇගේ දෙමාපියන් ඝාතනය කර තිබෙනවා. ඉන්පසු ඔහු මාස ​​නවයක් වයසැති බිළිඳාද රැගෙන පලා ගොස් ඇති අතර පසුව ඔහු පොලිසියට භාර වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This