අයර්ලන්ත ගායිකා Sinéad O’Connor සිය දිවි සැරිය නිම කරයි

අයර්ලන්ත ගායිකා Sinéad O’Connor සිය දිවි සැරිය නිම කරයි

අයර්ලන්ත ගායිකාවක වන Sinéad O’Connor ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

56 හැවිරිදි වියේදී ඇය මිය ගිය බව ඇයගේ පවුලේ අය විසින් තහවුරු කර ඇති නමුත් මරණයට හේතුව ප්‍රසිද්ධියට පත් කර නැහැ

ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 1990 දී නිකුත් කරන ලද Nothing Compares 2 U යන ගීතය සඳහා වන අතර එය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණා

අයර්ලන්ත ජනාධිපති Michael D Higgins ද ඇය සතු අද්විතීය හඬ අගයකිරීමට ලක් කළ බවද විදෙස් මාධ්‍ය පවසනවා

1966 දෙසැම්බරයේදී ඩබ්ලින් ප්‍රාන්තයේ ග්ලෙනේජරි හි දී Sinéad O’Connor උපත ලබා ඇති අතර ඇයට දුෂ්කර ළමා කාලයක් තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This