Meta සමාගමේ ආදායම් ඉහළට

Meta සමාගමේ ආදායම් ඉහළට

ෆේස්බුක් මව් සමාගම වන Meta ඔවුන් අපේක්ෂා කළ ආදායමට වඩා ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩිජිටල් දැන්වීම් ඉහළ යාම හේතුවෙන් මෙසේ ඔවුන්ගේ අපේක්ෂාවන් අභිබවා ආදායම් ඉපැයීමට හැකි වු බවයි එම සමාගම සඳහන් කරන්නේ.

Meta ඔස්සේ මාසිකව Facebook භාවිතා කරන පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 3.03 දක්වා ඉහළ ගොස් ඇති හෙයින්, මෑතදී අවසන් කාර්තුව තුළ ඩොලර් බිලියන 32 ක ආදායමක් මත ඩොලර් බිලියන 7.8 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

මෙම අදායම ඉතා හොඳ අදායමක් වු බවයි මෙටා ප්‍රධාන විධායක Mark Zuckerberg පවසන්නේ.

Meta යෙදුම හරහා ශක්තිමත් ක්‍රියාකාරිත්වයක් දිගටම දකින අතර ටික කාලයකින් දුටු වඩාත් ආකර්ෂණීය මාර්ග සිතියම ඔවුන් සතුවන බවයි Zuckerberg වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This