උතුරු කොරියාවේ නවතම ආයුධ නැරඹීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා එක් වෙයි

උතුරු කොරියාවේ නවතම ආයුධ නැරඹීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා එක් වෙයි

සංචාරයක නිරත රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් සමග එක්වෙමින් එරට නවතම ආයුධ නැරඹීම සඳහා එක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම නවතම ආයුධ නැරඹීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ රුසියානු නියෝජිත පිරිසත් චීනයෙන් පැමිණි එක් ආරාධිතයෙකුත් එක්වූ බවයි සඳහන් වන්නේ

උතුරු කොරියාවේ දිගුකාලීන මිත්‍ර රටවල් අතර රුසියාව සහ චීනය සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ පවතින යුද ගැටුම් සඳහා උතුරු කොරියාවෙන් රුසියාවට ආයුධ සපයන බවට චෝදනා එල්ල වී ඇති බවද සඳහන්

කෙසේවෙතත් උතුරු කොරියාව සහ මොස්කව් මෙම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා

Share This