විදේශගත වීම වරදක් කියා යුක්‍රේන මන්ත්‍රීවරයෙකුට එරෙහිව විමර්ශන

විදේශගත වීම වරදක් කියා යුක්‍රේන මන්ත්‍රීවරයෙකුට එරෙහිව විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවුලේ නිවාඩුවක් ගත කිරීමට මාලදිවයිනට ගිය අවස්ථාවේදී පවතින නීතිය කඩ කළේ දැයි පිළිබඳව යුක්‍රේන බලධාරීහු පරීක්ෂණ පවත්වනවා

යුක්‍රේනයේ නිලධාරීන්ට නිවාඩු සඳහා විදේශගත වීම තහනම් කර ඇති අතර, පවතින යුද්ධයට දායකත්වය දැක්විය හැකි වයසේ සිටින පිරිමින්ට රට හැර යාමට විශේෂ අවසරයක්ද අවශ්‍ය වනවා

Yuriy Aristov මන්ත්‍රීවරයා බලධාරීන්ට වැරදි තොරතුරු ලබා දුන්නේ දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු වරදකරු වුවහොත් වසර තුනක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද සඳහන්

Yuriy Aristov අසනීප නිවාඩු ගෙන සිටි කාලයේදී බිරිඳ සහ දරුවන් සමග ජූලි මැද භාගයේ මාලදිවයිනේ Ithaafushi නම් දූපතක සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky රාජ්‍ය සේවකයින්ට රටේ අවශ්‍යතාවක් පවතින විට මෙවැනි දේවල් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට අනතුරු අඟවා තිබෙනවා

එමෙන්ම Yuriy Aristov ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී ඇති අතර එය මීළඟ පාර්ලිමේන්තු සැසියේදී සාකච්ඡා කෙරෙනු ඇති බව එරට පාර්ලිමේන්තු කථානායක Ruslan Stefanchuk ෆේස්බුක් හි සටහනක් තබමින් සඳහන් කරනවා

Share This