සයිබීරියාවේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වී 6 දෙනෙකු මරුට – 7කට තුවාල

සයිබීරියාවේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වී 6 දෙනෙකු මරුට – 7කට තුවාල

දකුණු සයිබීරියාවේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

MI – 8 වර්ගයේ රුසියාවට අයත් හෙලිකොප්ටර් යානයක් කසකස්ථාන දේශසීමාවට නුදුරින් පිහිටි Tyungur ගම්මානය අසල ගොඩබෑමට යාමේ දී විදුලි රැහැන්වල ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානයේ මගීන් 13 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිට ඇති බව සඳහන්.

මෙම අනතුර සම්බන්ධයෙන් රුසියාව විසින් අපරාධමය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Share This