යුක්‍රේනයේ පාර්ලිමේන්තුව දින 90කට යුද නීතිය දීර්ඝ කිරීමේ සූදානමක්

යුක්‍රේනයේ පාර්ලිමේන්තුව දින 90කට යුද නීතිය දීර්ඝ කිරීමේ සූදානමක්

යුක්‍රේනයේ පාර්ලිමේන්තුව තවත් දින 90කට යුද නීතිය දීර්ඝ කිරීමට ඡන්දය දී ඇති අතර, සටන් කරන වයසේ පිරිමින්ට රට හැර යාම තවදුරටත් තහනම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර තමන් ගිනිකොනදිග යුක්‍රේනයේ සටන්බිමේ එක් ඉදිරි පෙළක සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව එරට හමුදාව පවසා තිබෙනවා

Staromaiorske ගම්මානය තමන් සතු කර ගත් බවයි යුක්‍රේන හමුදාව වැඩිදුරටත් පවසන්නේ

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ප්‍රහාර සැලකිය යුතු ලෙස උත්සන්න වී ඇති බව සඳහන් කර ඇති අතර ඔවුන් සාර්ථක නොවූ බවද පවසා තිබෙනවා

යුක්‍රේනයේ ප්‍රති-ප්‍රහාරය පසුගිය මාසයේ පෙරමුණු ගණනාවකින් ආරම්භ වූ නමුත් මේ වන විට ඉතා පැහැදිලි ජයග්‍රහණ දැක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This