සිංගප්පූරුවේදී කාන්තාවකට ප්‍රථමවරට මරණ දඬුවම ලබාදෙයි

සිංගප්පූරුවේදී කාන්තාවකට ප්‍රථමවරට මරණ දඬුවම ලබාදෙයි

සිංගප්පූරුව හෙරොයින් අවුන්සයක් ප්‍රවාහනය කිරීමට තැත් කිරීමේ වරදට වරදකරු වූ කාන්තාවක් එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

45 හැවිරිදි සිංගප්පූරු ජාතික Saridewi Djamani සිකුරාදා (28) චැංගි බන්ධනාගාරයේදී ඝාතනය කර ඇති බව මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (CNB) එල්ලා මරා දැමීමෙන් පැය කිහිපයකට පසු නිකුත් කළ නිවේදනයකද දැක්වෙන බව වාර්තා වනවා

2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 31ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව ඇයට මරණීය දණ්ඩනය නියම වුණා

ග්‍රෑම් 15ට වැඩි ඕනෑම මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීම හෝ ළඟ තබා ගැනීම සිංගප්පූරුවේ නීති මගින් මරණීය දණ්ඩනයට අවසර දෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

2004 වසරේදී 36 හැවිරිදි කොණ්ඩා මෝස්තර ශිල්පිනියක වන Yen May Woenටද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කළද සිංගප්පූරුවේදී එල්ලා මරා දමන ලද පළමු කාන්තාව වන්නේ Saridewi Djamani යි

Saridewi ගේ මරණය සිංගප්පූරුවේදී මේ සතියේ ක්‍රියාත්මක වූ දෙවැනි මරණ දඬුවම වන අතර බදාදා(26) දිනයේ 57 හැවිරිදි මොහොමඩ් අසීස් බින් හුසේන්ට හෙරොයින් ග්‍රෑම් 50ක් ප්‍රවාහනය කිරීමේ වරදට මරණ දඬුවම හිමිව තිබෙනවා

Share This