ඩොක්සුරි ඉවත්ව යනවිට ඛානුන් ළඟා වීමේ සුදානමක් – බීජිං හි 30,000 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

ඩොක්සුරි ඉවත්ව යනවිට ඛානුන් ළඟා වීමේ සුදානමක් – බීජිං හි 30,000 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

ඩොක්සුරි සුළි කුණාටුව හේතුවෙන් ඇතිව ඇති ධාරානිපාත වර්ෂාවනිසා බීජිං හි 30,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඩොක්සුරි සුළි කුණාටුව උතුරු චීනයට ළඟා වීමත් සමග එරට අගනුවරට මෙන්ම හෙබෙයි, ටියැන්ජින් සහ නැගෙනහිර ෂැන්සි යන ප්‍රදේශවලට අඛණ්ඩව දැඩි වර්ෂාපතනයක් ඇද හැළුණු බවයි චීන කාලගුණ විද්‍යා පරිපාලනය සඳහන් කරන්නේ

වසර ගණනාවකට පසු චීනයට බලපෑ ප්‍රබලම කුණාටුවක් ලෙසයි ඩොක්සුරි හඳුන්වා ඇත්තේ

එමෙන්ම මේ වනවිට ජීවිත හානි වාර්තා වී නොමැති බවද එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා

පවතින වර්ෂාව හේතුවෙන් ඉදිකිරීම් ස්ථාන 4,000කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු නතර කර ඇති අතර, තවත් ගොඩනැගිලි 20,000කට ආසන්න ප්‍රමාණයක පවතින තත්ත්වයන් පරීක්ෂා කර ඇති බවද සඳහන්

කෙසේවෙතත් ඩොක්සුරි සුළි කුණාටුවේ බලපෑම අඩුවෙමින් පවතින බවත්,ඛානුන් සුළි කුණාටුව ළඟා වෙමින් පවතින බවත් මේ සතියේ චීනයේ ජනාකීර්ණ වෙරළ තීරයට එය ළඟා වීමට නියමිත බවත් සඳහන් .

Share This